රහස් තැනක තහනම් මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරයට යාමට තැත් කළ අයෙක්ට සිදුවුන දේ..

Sri Lanka Department of Prisons Sri Lanka
By krishani Jul 04, 2022 09:19 AM GMT
krishani

krishani

Report

ඊයේ (03) දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය සෝදිසි කරන ස්ථානයේ දී කළ සෝදිසියක් අතරතුර බන්ධනාගාරය තුළට තහනම් මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කල රැදවියකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ රැඳවියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහු බන්ධනාගාර පරිශ්‍රය අවට පිරිසිදු කිරිම් කටයුතුවලට යොදවා නැවන බන්ධනාගාරය තුළට ඇතුල් වීමේ දී ය.

ගුද මාර්ගයේ සඟවා ගෙන බීඩී 09 ක් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කිරිමේදී මෙලෙස අත්අඩංගුවට ගත් රැඳවියා හෙරොයින් සන්තකයේ තබාගැනීමේ වරදකට රක්ෂිත බන්ධනාගාර ගත කල වයස අවුරුදු 28ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha