කොළඹ උද්ධමනය ඉහළට
Sri Lanka Inflation
Inflation
Sinhala news
By Hashini
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ -0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5%ක් දක්වා අඩු වී ඇති අතර, 2025 ජුනි මාසයේ දී එය වාර්තා වූයේ 4.3%ක් ලෙසය.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී -1.2%ක් දක්වා වැඩි වී ඇති අතර, එය 2025 ජුනි මාසයේ දී -2.8%ක් ලෙස වාර්තා විය.
