"මහින්ද රාජපක්ෂටවත් තිබ්බේ නැති ආරක්ෂාවක් දැන් අනුර කුමාර දාගෙන" - පොහොට්ටුවේ මහලේකම්

Anura Kumara Dissanayaka Mahinda Rajapaksa Sri Lanka Politician Latest Headlines Sinhala news
By Ashfa Jul 31, 2025 12:11 PM GMT
Ashfa

Ashfa

Report

රාජ්‍ය නායකයින්ට සහ අමාත්‍යවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු නැති බව කියමින් ජනතාව තුළ වෛරය ඇති කර, එය මත බලයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ආරක්ෂාවට වඩා දැඩි ආරක්ෂාවක් භාවිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

ඔහු පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා විසින් මෑතකදී ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකින් අනුව, දේශීය ආයෝජකයන්ට දැඩි ව්‍යාපාරික ණය ලබාදීම සීමා කිරීමේ තීරණය රටේ ආර්ථිකයට බලපාන අවාසිය තත්වයක් බවයි.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

තවද, ගුරු වෘත්තිය පිළිබඳව ජනාධිපතිවරයා කළ විමර්ශනත්, රටේ ගුරුවරුන්ට කරන ලද අපහාසයක් ලෙස සැලකිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

"SMS එකක් හෝ WhatsApp පණිවිඩයක් පවා යවන්න බැරි ගුරුවරු සිටිනවා" යන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය, ගුරු සේවය සැහැල්ලු කිරීමක් ලෙසින් හඳුන්විය හැකි බවද ඔහු කියා සිටියි. ඉන් අමතරව, ගුරුවරයෙකු වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ, “ගුරුවරුන් ව්‍යාපාරයකට යන්නේ වෙන පිළිවෙලක් නැති නිසා” යන ප‍්‍රකාශයද කාරියවසම් මහතා දැඩිව විවේචනය කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය පරාජය කළ ප්‍රමුඛ නායකයෙකු වන අතර, ඔහුට එල්ලවූ ජීවිත තර්ජන සැලකිල්ලට ගනිමින් විශේෂ ආරක්ෂාවක් සැලසිය යුතු බවයි. එහෙත්, එම ආරක්ෂාව විවේචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජනතාව අතර වෛරය ඇති කළ බවද ඔහු චෝදනා කළා.

අද වන විට අනුර කුමාර ජනාධිපතිවරයා ඔහුටම ලැබී ඇති ආරක්ෂාවෙන් වඩාත් දැඩි ආරක්ෂාවක් භාවිතා කරමින් සිටින බව පෙනෙන අතර, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාද එම ආරක්ෂාව තවදුරටත් වර්ධනය කළ යුතු බවට ප්‍රකාශ කර ඇති බවද ඔහු සදහන් කළේය.

මීට අමතරව, අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් නැවත චීනයට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයකට පැමිණ ඇති බවත්, විපක්ෂයේ සිටියදී චීනය සමඟ වූ ගනුදෙනු “දුෂිත” යැයි චෝදනා කළ අය අද එම රට සමඟම එක්ව වැඩ කිරීම සිහිනපිට අරුමයකක් බවත් සාගර කාරියවසම් මහතා අවසන්ව සඳහන් කළේය.  

ReeCha