බුදු අම්මේ මෙහෙමත් හොරු ගෑනු ඇඳුම් ඇඳගෙන ෂෙඩ් එකක් කොල්ල කාලා
මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ රැසකට චෝදනා ලැබූ පුද්ගලයන් කණ්ඩායමක් විසින් සොරකමක් සිදුකර ඇත.
යතුරුපැදියක් සොරා ගෙන ගැහැනු ඇඳුම් ඇඳ, වෙස් මුහුණු පැළඳ, මීට දින තුනකට ඉහතදී රාත්‍රී කාලයේ දී අනුරාධපුර නගර ආසන්නයේ ඉන්ධන පිරවුම්හල් දෙකකට කඩා වැදී, එහි සේවකයින් බිය ගන්වා, එහි දේපළවලට තියුණු ආයුධවලින් පහර දී රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගිය සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනකු ඊයේ (30 දා) උදෑසන අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර දේවානම්පියතිස්සපුර සහ කටුකැලියාව නිවාස සීය, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30, 36 සහ 38 වියේ පසු වන ‘බුම්මා’, ‘බච්චි’ සහ ‘පොඩියා’ යන අන්වර්ථ නාමවලින් හඳුන්වන පුද්ගලයන් තිදෙනෙකි.
ඔවුන් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය පිටුපස වෙල්යාය මැදින් පැමිණ ඇල්ලකට්ටුව මාර්ගයට විත් නිවසක නතර කර තිබූ යතුරුපැදියක් සොරා ගෙන මෙම කොල්ලය සඳහා පැමිණ ඇත.
කොල්ලය සඳහා පැමිණෙන අතර වාරයේ මාර්ගයේ පාළු ස්ථානයක නවතා සැකකරුවන් ගැහැනු ඇඳුම් ඇඳ, වෙස් මුහුණු පැළඳ, මුහුණු ආවරණය කරගෙන අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත කඩා පැන එහි ලාච්චුවලට කැති පොරෝ පොලු ප්‍රහාර එල්ලකර රුපියල් අසූ දහසක පමණ මුදලක් පැහැර ගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
කොල්ලකෑ එම මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සැකකරුවන් අනුරාධපුර නගරාසන්නේ පණ්ඩුලගම පිහිටි ඉන්ධන පිරවුම් හල වෙත ගොස් එහි සේවකයන් බිය ගන්නවා ලාච්චුවලට කැති පොලුවලින් පහරදී රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් පැහැර ගෙන ගිය බව එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
මෙම මුදල් කොල්ල කෑමෙන් අනතුරුව තිසාවැවේ, වෑකන්ද අසලට ගොස් ඇති සැකකරුවන් තිදෙනා කොල්ලකෑම සඳහා යොදා ගත් සොරකම් කරන ලද යතුරුපැදිය තිසාවැවට තල්ලු කර දමා තියුණු ආයුධ සහ පැළඳ සිටි කාන්තා ඇඳුම් තිසාවැව පහළ ලඳු කැලෑවක සඟවා පිටව ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
