හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කෙරූ පනත එයි මෙන්න ඉවත්වන දේවල්

Report

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට

එම පනත් කෙටුම්පත අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද මාසික දීමනාව, හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, ප්‍රවාහන සහ වෙනත් පහසුකම් සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප යනාදිය ඉවත් කිරීමට නියමිතයි.

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

වියදම් පාලනයට පාසල් වහන්න බෑ - අධ්‍යාපනය අපේ ප්‍රමුඛතාවයයි - අගමැතිනි

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබුණා.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ by rishma