එක පැත්තකින් සනත් ජයසූරිය අනිත් පැත්තෙන් සල්ලි ප්‍රශ්න, මේ දෙකට හිරවෙලා ක්‍රිකට් ටීම් එක පිල් තුනකට බෙදිලා

Sanath Jayasuriya Sri Lanka Cricket Zimbabwe national cricket team Sinhala news Breaking News
By Kaushi Jul 31, 2025 11:29 AM GMT
Kaushi

Kaushi

Report

එළඹෙන අගෝස්තු මස අග පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සිම්බාබ්වේ සංචාරයට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත තෝරා ගැනීමට ප්‍රධාන පුහුණුකරු වූ සනත් ජයසූරිය ලබාදී ඇති වියදම් අධික සැලැසුම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයක ගිලී සිටින බව වාර්තා වේ.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

ඒ අනුව එක්දින තරග 2ක් හා විස්සයි-20 තරග 3ක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම සිම්බාබ්වේ හා තරග වැදීමට නියමිත අතර මේ තරගවලට කණ්ඩායමක් තෝරා ගැනීම පිළිබඳව සනත් ජයසූරිය කළ යෝජනාවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංචිතය කණ්ඩා­යම් 3කට බෙදී විස්සයි-20 තරගාව­ලි­යක් පැවැ­ත්වී­මට සූදා­නම් කර ඇති බව සඳහන්.

ඒ අනුව අගෝස්තු මස 7 වැනිදා එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මෙම තර­ගා­ව­ලියට ජාතික සංචිතය බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යනුවෙන් කොටස්කර තරග පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම ප්‍රධාන පුහුණුකරු ජයසූරිය විසින් ශ්‍රී ලංකා පිල තවත් වියදම් දරා සිම්බාබ්වේ වෙත කලින් ගෙන යාමේ සැලැසුමක්ද ඉදිරිපත් කර ඇති බව පවසයි.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මේ අතර සනත් හා තේරීම් කමිටුවට සිම්බාබ්වේ යැවීමට කණ්ඩායමක් තෝරා ගැනීමට නොහැකිව ඇත්තේ අන්තර් සමාජ එක්දින හා අන්තර් සමාජ T20 තරගාවලි දෙකක් ආසන්නයේම නිමාවට පත්ව තිබියදීයි.

එසේම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ (30) දින පැවැත් වුණා. ඒ තරගාවලියට එක් ක්‍රීඩා සමාජයක් තරග 5කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරයි.

එමෙන්ම පන්දුවාර විස්සයි-20 අන්තර් සමාජ ක්‍රීඩාවලිය නිමාවට පත්වූයේ ද මීට සති කිහිපයකට පෙරදීයි. එම තරගාවලියට ද එක් ක්‍රීඩා සමාජ කණ්ඩායමක් තරග 5කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරයි.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

වාර්තා වූ අන්දමට සනත් ප්‍රමුඛ තේරීම් කමිටුව කණ්ඩායමක් තෝරා ගැනීමට මේතරම් වෙහෙසෙන්නේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේද, පන්දුවාර විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේද පසුවන සිම්බාබ්වේ පිල පරාජයට පත් කිරීමේ අරමුණින්.

තවද ක්‍රිකට් ප්‍රවීණයන් සඳහන් කරන්නේ ප්‍රධාන පුහුණුකරු හා තේරීම්කමිටු නොහැකියාවත් මතභේදාත්මක කණ්ඩායම් තේරීම හා තීන්දුත් හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ සිටි බංගලාදේශ‍ය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජය වසා ගැනීමට මෙසේ ක්‍රියා කරන බවයි.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

ඊට අමතරව විගණන වාර්තා නිසි කළට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට නොයැවීම හේතුවෙන් මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි මූල්‍ය අර්බුදය නිර්මාණය වී ඇති බවද පවසයි.

එනිසා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදෙන මුදල් මෙතෙක් නිදහස් කර නැති බවද සඳහන්. 

"මට කියනවා අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නන්නලු මුන්ට කුණුහරුපෙන් බනින්න ඕනේ" ඇමති ලාල් කාන්ත

"මට කියනවා අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නන්නලු මුන්ට කුණුහරුපෙන් බනින්න ඕනේ" ඇමති ලාල් කාන්ත

ReeCha