මෙරට ප්‍රකට YouTube නාලිකාවක කතෘ CIDය වෙතට

Channa Jayasumana CID voice tube editor Thushara Sewvandhi
By Sewvandhi Jul 09, 2021 09:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දේශීය යූ ටියුබ් නාලිකාවක් වන Voice Tube හි කතෘ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) වෙත අද කැඳවා තිබෙනවා.

තුෂාරා සෙව්වන්දි විතානගේ නමැති එහි සංස්කාරකවරයා රහස් පොලිසිය විසින් කැඳවා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

Voice Tube නාලිකාවේ පළ වූ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට නියමිත සිනොවැක් එන්නත සම්බන්ධයෙන්, සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් Voice Tube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා එම නාලිකාවේ කතුවරිය වන තුෂාරා සෙව්වන්දි විතානගේ මහත්මියව අද (09) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha