ලොව භයානකම වෛරසයක් පිටවීමේ දැඩි අවදානමක්..මුලු ලෝකයටම රතු එළියක්.

World Russian Kasakasthan New viruses Leake
By Aruna Jan 09, 2022 11:34 PM GMT
Aruna

Aruna

Report

හමුදා පාලනය යටතේ පැවති "ජීව විද්‍යාගාරයක්" කසකස්ථානයේ ඇතිවූ විරෝධතාවන් අතර වාරයේදී කැරලිකරුවන් ගේ ග්‍රහණයට නතුවීමෙන් එහි පර්යේෂණවලට ලක් කෙරමින් තිබු භයානක වෛරස් රෝග කාරක පිටතට නිරාවරණය වීමේ අවධානමක් පවතින බවට රුසියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කසකස්ථානයේ, අල්මාටි හි පිහිටි මෙම "ජීව විද්‍යාගාරය" අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෘජු ආධාර යටතේ පවත්වාගෙන යනු ලබන බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

2017 වර්ෂයේදී ඉදිකෙරුණු මෙම විද්‍යාගාරය තුල ජීව විද්‍යාත්මක අවි නිපදවනු ලබන බවට චෝදනා එල්ල කෙරුණත් කසකස්ථාන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

භයානක වෛරස් රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙම ජීව විද්‍යාගාරය ඉදිකිරීමේ මුලික අරමුණ බවයි කසකස්ථාන රජය එවකට සඳහන් කර සිටි අතර එම විද්‍යාගාරය තුල භයානක වෛරස් සාම්පල් ද ගබඩා කර තිබු බවද සඳහන් වනවා.

රුසියානු TASS පුවත් සේවය සඳහන් කලේ විද්‍යාගාරය කැරලිකරුවන්ගේ අතට පත්වීම හේතුවෙන් එහි තිබු ජීව විද්‍යාත්මක රසායනයන් සහ වෛරස් රෝග කාරකයන් පිටතට නිරාවරණය වීමේ අවධානමක් ඇති බවයි. අදාල ජීව විද්‍යාගාරය පිටත "රසායනික ආරක්ෂක ඇඳුම් කට්ටල" වලින් සැරසුණු නාදුනන පුද්ගලයින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල පල වී තිබු බවයි රුසියානු TASS පුවත් සේවය සඳහන් කළේ.

කෙසේ වුවත් කසකස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම විද්‍යාගාරය කැරලිකරුවන් අතට පත් නොවූ බවත් එය ආරක්ෂා සහිතව සිය රජයේ පාලනයේ යටතේ පවතින බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඉකුත් ජනවාරි මස 02 වෙනිදා සිට කසකස්ථානයේ ඇතිවූ සිවිල් කැරැල්ල හේතුවෙන් පුද්ගලයින් 164 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කැරළි හේතුවෙන් කසකස්ථාන ආරක්ෂක නිලධාරින් 16 දෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ නිලධාරින් 1,300 දෙනෙකු ප්‍රතිකාර ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

මේ අතර ඇතිවූ කැරළි හේතුවෙන් ඊට සම්බන්ධ වූ පුද්ගලයින් 5,300 කට අධික පිරිසක් කසකස්ථාන ආරක්ෂක අංශ විසින් රඳවා ගෙන ප්‍රශ්න කරන බවත් ඒ අතර විදෙස් ජාතිකයින් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. කර තිබුණේ.

කෙසේ වුවත් කසකස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම විද්‍යාගාරය කැරලිකරුවන් අතට පත් නොවූ බවත් එය ආරක්ෂා සහිතව සිය රජයේ පාලනයේ යටතේ පවතින බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඉකුත් ජනවාරි මස 02 වෙනිදා සිට කසකස්ථානයේ ඇතිවූ සිවිල් කැරැල්ල හේතුවෙන් පුද්ගලයින් 164 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කැරළි හේතුවෙන් කසකස්ථාන ආරක්ෂක නිලධාරින් 16 දෙනෙකු ද ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ නිලධාරින් 1,300 දෙනෙකු ප්‍රතිකාර ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

මේ අතර ඇතිවූ කැරළි හේතුවෙන් ඊට සම්බන්ධ වූ පුද්ගලයින් 5,300 කට අධික පිරිසක් කසකස්ථාන ආරක්ෂක අංශ විසින් රඳවා ගෙන ප්‍රශ්න කරන බවත් ඒ අතර විදෙස් ජාතිකයින් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now