'' වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි'' රංගනශිල්පී විරාජ්ගෙන් සංවේදී කතාවක් එළියට
විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් ඉතිං ඔහුගේ රංගන ප්‍රතිභාවන් අපි මේ දිනවල ඕනෑතරම් විවිධ නාලිකා ඔස්සේ දැකගන්න පුළුවන් මේ කියන්නේ යන්නේ එහෙම කතාවක් නෙමේ . මේක හරි සංවේදී කතාවක්.
විරාජ් පෙරේරා කියන මේ අපූරු රංගන ශිල්පියගේ තාත්තා මේ වෙද්දී ස්වාමීන් වහන්සේ නමක් විදිහට මහනදම් පුරනවා .
ඉතිං මේ ළගදී උන්වහන්සේ බලන්න ගිය වෙලාවෙ හරි සංවේදී සිදු වීමක් වෙලා තිබුණා . උන්වහන්සේ බලන්න ගිය වෙලාවේ පාර වැරදිලා හාමුදුරුවොම වැඩලා විරාජ් ව එක්කගෙන ගිහින්. ඒත් කාර් එකට නැගලනම් නෑ ඉතිං ඔහු මේ සිදුවීම ගැන මුහුණුපතට සංවේදී සටහනක් එකතු කරලා තිබුණා
තාත්තා 🙏
උන්වහන්සේ කදුබොඩ වැඩ සිටින විට බැහැදකින්නට ගියා
🙏 මට එතනට යන පාර වැරදුනා “ ඉතින් උන්වහන්සේ පාරටම වැඩලා එක්කන් ගියා “ වාහනේට නම් ගොඩ වුනේ නෑ…….♥️
“ ගිහි වුනත් පැවිදි වුනත් තාත්තා තාත්තමයි🙏
වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි“ තාත්තා කියල ආමන්ත්‍රණය කරන්න ආස වුනත් “…….බෑනේ.. එහෙම කියවෙන්න ගියත් “මාරම තැනක හිත තද කරන් ඉන්නවා🥺