නිවසක් කොල්ලකෑමට ආ පුද්ගලයෙකු ප්‍රදේශවාසින් පහර දී මරා දමයි..
By Sewvandhi
මුල්ලේරියාව පොලිස් වසමේ මාළිගාගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ඇතුළු වූ තිදෙනෙකු, එහි සිටි නිවැසියන් බිය ගන්වා දේපළ හා මුදල් කොල්ල කෑමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේ නිවැසියන් කෑ ගසා ඇති අතර, එම ශබ්ධය ඇසී නිවසට පැමිණි අසල්වාසින් එක් සැකකරුවෙකු අල්ලාගෙන තිබෙන බවා වාර්තා වෙනවා.
අනෙක් සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පලා ගොස් ඇති අතර, අල්ලා ගත් සැකකරුවාට ප්‍රදේශවාසින් විසින් පහර දී ඇත. පහර කෑමට ලක් වූ පුද්ගලයා තුවාල සහිත ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේ දි මිය ගිය බවයි වාර්තා වෙන්නේ.
මිය ගිය පුද්ගලයා තවමත් හඳුනාගෙන නො මැති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මුල්ලේරියාව පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |