දේශීය විදුලි බලයට අඩු සැලකිලි දී පිටරටින් වැඩි ගාණට විදුලිය ගැනීම අසාධාරණයි - සංජීව ධම්මික

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines Sinhala news NPP Government
By Ashfa Aug 08, 2025 11:00 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලාංකික දේශීය සුර්ය බලශක්ති ව්‍යාපෘති වලට නියමිත උචිත වටිනාකමක් නොගෙවීමේ රජයේ ක්‍රියාකලාපයන් පිළිබදව ශ්‍රී ලංකාවේ විදුලිබල පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පෙන්වා දී ඇත.

සජබ ලොක්කෙක් අත්අඩංගුවට - කෝටි 50ක මැණික් ගලකට වග කියලා

සජබ ලොක්කෙක් අත්අඩංගුවට - කෝටි 50ක මැණික් ගලකට වග කියලා

රජයෙන් 2028 වසර වන විට ද්‍රව ස්වභාවික වායු (LNG) මඟින් නිපදවන විදුලිය ඒකකයක් සඳහා රුපියල් 37ක් ලබා දීමට කටයුතු කරන අතර මෙම මුදල් ඩොලර් මගින් ගෙවිය යුතු අතර දේශීය සුර්ය බලශක්ති ව්‍යාපෘති මගින් නිපදවන විදුලිය සදහා ඒකකයකට රු .27ක තිබූ මුදල රු.19 දක්වා අඩු කිරීමට රජය කටයුතු කරන බව සංජීව ධම්මික මහතා පැහැදිලි කරයි.

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

දේශීය නිෂ්පාදකයන්ට රු.27ක් ගෙවීමට නොහැකි බව පවසමින් විදේශික ආනයන විදුලියට පමණක් රු.37ක මිලක් ගෙවීම අසතුටට කරුණක් බවයි.

මේ ආකාරයට නියමිත මිලක් නො නොමැති වීම නිසා මෙගාවොට් 50කට ආසන්න සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දේශීය ව්‍යවසායකයන් අකමැත්ත පළකරන බවයි.

මෙයට රජය හැකි ඉක්මනින් පියවරක් ගත යුතු බව ඔහු පවසයි