ලැජ්ජයි ප්‍රාදේශීය සභා නිලධාරිනිය හා රියදුරු එකතු වෙලා කැත වැඩක් කරලා

Report

සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිලධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය වාර්තා කරයි.

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර රියදුරු වයස අවුරුදු 54ක් වන වාද්දුව ප්‍රදේශයේ අයෙකි.

වර්තමාන කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කළ පැමිණිල්ලක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සිදුවීමෙන් පසුව ඔවුන් වැඩ තහනමකට ලක් කර තිබූ අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.