තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්
ජපානයේ ජනගහන සමීක්ෂණයකින් 2024 වසරේ එරට උපත් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව ඉහළ බව වාර්තා වී ඇත.
මෙම සංගණන වාර්තා වලට අනුව 1968 සිට මේ දක්වා ජනගහනය අතිශයින් පහළ බැසීමක් දක්නට හැකිවිය.
රටේ දරු උපත් ගණන වැඩි කිරීම සදහා රජය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලද ඒ කිසිවක් සාර්ථක නොවූ බව පෙනී යයි.
ජපාන අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2024 දී සැබෑ ජපන් ජාතිකයන්ගේ උපත් සංඛ්‍යාව ලක්ෂ 9කින් (908,574) පමණ අඩුවී ඇත.
එම වසරේ දී ජපාන ජනගහනයෙන් මිලියන 1.6ක පිරිසක් මියගොස් ඇති අතර, ඊට සාපේක්ෂව උපත් සිදුව ඇත්තේ 686,061ක්ය.
ඒ අනුව ජපානයේ සැබෑ ජපන් වැසියන් දාව උපත ලබන සෑම ළදරුවෙකුටම සාපේක්ෂව දෙදෙනෙකු මියගොස් ඇත.
මේ අතර මෙලෙස ජපානයේ දේශීය ජනතාවගේ ජනගහනය පහත වැටී ඇත්තේ අඛණ්ඩ 16 වන වසරට බව සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි 1 වනදා වනවිට ජපානයේ සිටින විදේශීය පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 3.6ක් දක්වා වාර්තාගත ඉහළම අගයකට ළඟා වී තිබේ.
ඔවුන් මේ වනවිට ජපාන ජනගහනයෙන් 3%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි.
2023 වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ජපාන සමස්ත ජනගහනයෙන් ජපන් මව් ජාතිය 0.44%කින් අඩු වී ඇත.
එමෙන්ම ජපාන ජනගහනයෙන් 30%ක් වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටි පුද්ගලයින් සිටින අතර, එය ලෝක බැංකු දත්ත අනුව මොනකෝ රාජ්‍යයෙන් පසු ලොව දෙවන ඉහළම වයස්ගත ජනගහන අනුපාතය වේ.
මේ වනවිට ජපාන සමස්ත ජනගහනය මිලියන 124.3ක් ලෙස දැක්වේ.