ශ්‍රී ලංකා ආර්ථිකයට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි - ඇමෙරිකන් තානාපති

Report

ගෝලීය ආර්ථිකය තරගකාරීත්වයෙන් ඉහළ යමින් පවතින බැවින්, ශ්‍රී ලංකාව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වෙනස්කම් සිදු නොකළහොත් ආර්ථික පසුබෑමකට ලක්විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති ජුලී චන්ග් අනතුරු අඟවා ඇත.

වෙළෙඳපොළ විවිධාංගීකරණය, තීරු බදු නොවන බාධක අඩු කිරීම, රජය සතු ව්‍යාපාරවල අකාර්යක්ෂමතාව ඉවත් කිරීම, මානව ප්‍රාග්ධනය සහ ඵලදායිතාව ඉහළ දැමීම ඇතුළු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවට තරගකාරීත්වයෙන් ඉදිරියට යාමට සහ සමෘද්ධියට පත්වීමට මෙම ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය වන බව ඇය අවධාරණය කළාය.

ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලයේ 9 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් තානාපතිවරිය මෙම අදහස් පළ කළාය.

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න