SLC T-20 තරඟාවලිය - දෙවන තරඟයෙන් චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායමට ජය

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T-20 තරඟාවලියේ අද (08) පැවති දෙවන තරඟයෙන් චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායම ලකුණු 24ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

එය දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම පරාජය කරමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් අළු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04කට ලකුණු 192ක් රැස් කළේය. නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 70ක් රැස් කළ අතර, නායක චරිත් අසලංක ලකුණු 59ක් ලබා ගත්තේය. නමුත් නිල් කණ්ඩායමට කඩුලු 08කට ලකුණු 168ක් පමණක් රැස් කිරීමට හැකි විය.

අගෝස්තු 15වට කළින් මේ දේ අනිවාර්යයෙන් කරන්න - විශේෂ දැනුම්දීමක්

අගෝස්තු 15වට කළින් මේ දේ අනිවාර්යයෙන් කරන්න - විශේෂ දැනුම්දීමක්

පන්දු යැවීමේදී ඉෂාන් මාලිංග කඩුලු 04ක් බිඳහෙළීය. මෙම තරඟාවලියේ තරඟ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සියලු තරඟ www.talenttv.lk ඔස්සේ නැරඹිය හැකි අතර, SSC ක්‍රීඩාංගණයට පැමිණෙන රසිකයන්ට නොමිලේ තරඟ නැරඹීමේ පහසුකම් සලසා ඇත. තරඟාවලියේ නිල රේඩියෝව ලෙස නෙත් එෆ් එම් රේඩියෝව ක්‍රියාත්මක වේ. 

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න