ස්ත්‍රී දූෂණ චෝදනාවකට පකිස්ථාන පිතිකරුවෙක් අත්අඩංගුවට

Report

පාකිස්ථාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජූලි මාසයේ පාකිස්ථාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens) එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

පාකිස්ථාන ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවත්, හයිඩර් අලිගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියාපටිපාටිවලට ගරු කරන බවත්, විමර්ශනය නිසි ලෙස සිදුවීමට ඉඩ සලසන බවත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් පවසා ඇත.

ඒ අනුව, විමර්ශනයේ ප්‍රතිඵල ලැබෙන තුරු හයිඩර් අලිට පනවා ඇති ක්‍රිකට් තහනම බලාත්මක වනු ඇත.

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ආර්ථිකයට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි - ඇමෙරිකන් තානාපති

ශ්‍රී ලංකා ආර්ථිකයට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි - ඇමෙරිකන් තානාපති