ඉතිහාසයේ කිසිම විදේශ අමාත්‍යවරයෙකු නොලැබූ ගෞරවයක් අමාත්‍ය විජිත හේරත්ට

Report

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්තයේ නිල සංචාරයක නිරතව ඇත. එම නිල සංචාරය ආරම්භ කිරීමක් ලෙස එරට විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේදී අද (27) උදෑසන සාම්ප්‍රදායික මාවෝරි “පෝහිරි” (Pōwhiri) පිළිගැනීමක් සිදුවිය.

එම අවස්ථාව පිළිබදව අදහස් එක්කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය නිල X පිටුවේ මේ ආකාරයෙන් සටහනක් තැබුවේය.

"නවසීලන්තයේ නිල සංචාරය ආරම්භ කරමින්, එරට විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේදී අද උදෑසන සාම්ප්‍රදායික මාවෝරි “පෝහිරි” (Pōwhiri) පිළිගැනීමක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා වීමට ලැබීම මා ලැබූ ගෞරවයක්."