සංචාරකයන්ගේ පැමිණීමෙන් මාස 6කින් ඩොලර් බිලියන 3.7ක ආදායමක්
පසුගිය මාස හයක කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ පැවති උත්සවයකට සහභාගි වෙමින්ය.
මේ වසර අවසන් වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදායම් ඉලක්කයක් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.