GPS උපාංගය බෝට්ටුවට – තවත් ඝාතනයක් අතේරූ සැලසුමක්ද?

Crime Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 04, 2025 10:17 AM GMT
Shehan

Shehan

Report

ගන්දර පොලීසිය පවසන පරිදි, මීට මාස හතරකට පෙර දෙවිනුවර දේවාලය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කරන ලද යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා සහ සහෝදරයා මහ මුහුද මැදදී ඝාතනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ බෝට්ටුවේ රහසිගතව ජී.පී.එස්. උපකරණයක් සවිකර තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට තොරතුරු වාර්තා වේ.

මෙම විද්‍යුත් තාක්ෂණික උපකරණය සවිකිරීම තුළින් ඔවුන් මුහුදේ සිටින ස්ථානය පහසුවෙන් හඳුනා ගැනීමට සැකකරුවන් උත්සාහ කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම බෝට්ටුවේ එන්ජිම අසල රහසිගතව සවිකර තිබූ ජී.පී.එස්. උපකරණය සහ සිම් පත යොමේෂ් නදීෂාන්ගේ පියා සහ සහෝදරයා දැක පොලීසියට දැනුම් දී තිබේ.

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

ඒ අනුව, එම උපකරණය පොලීසිය භාරයට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධියත් සමඟ එම පවුල රැකියාව සඳහා මුහුදු යාම නවතා නිවසේ රැඳී සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ.

පසුගිය මාර්තු 21 වන දින රාත්‍රියේ යොමේෂ් නදීෂාන් සහ ඔහුගේ මිතුරකු වූ පසිදු තාරුක යන දෙදෙනා දෙවිනුවර දේවාලය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර තිබුණි. දෙවිනුවර පෙරහැරේදී ඇති වූ කාවඩි ආරවුලක් හේතුවෙන් ඩුබායිහි සැඟවී සිටින දෙහි බාලේ මල්ලී නැමැත්තා රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

එසේම, එම තරුණයින් දෙදෙනාගේ තුන් මාසයේ පිංකම වෙනුවෙන් ගන්දර කපුගම පිහිටි මිතුරකුගේ නිවසකදී පැවති අයිස්ක්‍රීම් දන්සැලකට ඊයේ(03) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී එම මිතුරාගේ පියාට සුළු තුවාල සිදුව තිබේ. මෙම අපරාධය ද ඩුබායිහි සැඟවී සිටින දෙහි බාලේ මල්ලී විසින් මෙහෙයවනු ලැබ ඇති බවට පොලීසිය සැක පළ කරයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ, ගන්දර පොලීසියේ ස්ථානාධිපති චාමින්ද ජයලත් මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කළුවරේ ෆිල්ම් එක බල බල ඉද්දි වෙච්ච දේට තව පොඩ්ඩෙන් ප්‍රේක්ෂකාගාරෙම මරු කටට ගිහින් නවතින්නේ

කළුවරේ ෆිල්ම් එක බල බල ඉද්දි වෙච්ච දේට තව පොඩ්ඩෙන් ප්‍රේක්ෂකාගාරෙම මරු කටට ගිහින් නවතින්නේ

ReeCha