සුපිරි නළු විජෙයි ගැන කවුරුත් නොහිතපු විදිහේ කතාවක් එළියට - ගුවන් තොටුපළේ ගුටිබැට හුවමාරුවක් (VIDEO)
කොලිවුඩ් සිනමාවට ආදරය කරන කාට වුණත් "විජෙයි සේදුපති" කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. ඔහුගේ දැවැන්ත රංගනයින් ප්‍රේක්ෂකයින් "පිස්සු වට්ටනවා" කියන එක අහන්නත් දෙයක්ද ? විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත් වුණු "96" චිත්‍රපටයේ ඔහුගේ රංගනය අදටත් ප්‍රේක්ෂකයින් සිහි ගන්වනවා.
මෑතක තලපති විජෙයි හා ගැටුණු, "මාස්ටර්" චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ "දුෂ්ට චරිතයත්" කතාබහට ලක්වුණා. හැබැයි මේ කතාව ඔහුගේ චිත්‍රපටියක් ගැන නම් නෙවෙයි. ඔහුට එරෙහිව එක්තරා රංගන ශිල්පියෙක් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මාහාකාන්ති කියන හින්දි නළුවා විසිනුයි මේ පෙත්සම ගොනු කර තිබෙන්නේ.
එහිදී ඔහු මෙසේ මාධ්‍ය හමුවේ අනාවරණයක් සිදු කළා.
"මම නොවැම්බර් 2වැනිදා රාත්‍රීයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මයිසූර් යන්න බැංගලෝර් ගුවන් තොටුපළට ගියා. එම අවස්ථාවේ මට අනපේක්ෂිත ලෙස විජෙයි සේදුපතිව මුණ ගැහුණා. චිත්‍රපට ක්ෂෙත්‍රයේ ඔහු ලැබූ ජයග්‍රහණ වලට සුබ පතන බලාපොරොත්තුවෙන් මම ඔහුට කිට්ටු වුණා. නමුත් ඔහු මගේ සුබ පැතුම් ප්‍රතික්ෂේප කළා. ප්‍රසිද්ධියේ මට අපහාස කළා. මගේ කුලයටත් අපහාස කළා..."
"ඔහුගේ කළමණාකරු (මැනේජර්) ජොන්සන් මගේ කණට පහර දුන්නා ඒ වෙලාවේ. වෛද්‍යවරු කිව්වා මගේ කන් ඇසීම අඩාල වෙලා කියලා. නමුත් මාධ්‍ය තුළින් මේක කිව්වේ විජෙයි සේදුපතිට මම පහර දුන්නා කියලයි.." කෙසේ වෙතත්, තමන්ට එරෙහිව සිදු කරන ලද අසත්‍ය වාර්තා නිසාම විජෙයි සේදුපතිට එරෙහිව මෙසේ නඩුවක් ගොනු කරන්නට තීන්දු කළ බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ( විදෙස් මාධ්‍ය ඇසුරිනි.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        