රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ අපවත් වෙති.

Sri Lanka Sri Lankan Peoples Buddhism
By Hashini Aug 24, 2023 05:58 AM GMT
Hashini

Hashini

Report

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක,මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ අද (24) අලුයම අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අපවත් වන විට 73 වියේ පසු වූ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී පදවිය ද හෙබවූ තෙර නමකි.

එමෙන්ම අනුනාහිමියෝ 1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසක තනතුරු දරා ඇත.

මේ අතර විවිත්‍රධර්ම කථිකයෙකු වන නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කරමින් රාමඤ්ඤ මහා නිකායේ බැබළවීමට ක්‍රියා කළ තෙරනමක් ලෙසද ප්‍රසිද්ධය. 

ReeCha