මට එදා ගැහුවේ මම කැප් එක දැම්මේ නෑ කියලා - මිස්ටර් කොත්තුගෙන් ගුටි කාපු තරුණයා සියලු පැටිකිරිය දිග හරියි

Report

මේ වන විට සමාජ මාධ්‍ය පුරාවටම බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙමින් කතාබහට ලක්වෙන චරිතයක් තමයි මිස්ටර් කොත්තු හෙවත් විරාජ් වික්‍රමනායක කියන්නේ.

හේතුව ඔහු විසින් අමානුෂික ආකාරයෙන් සේවකයන්ට පහර දෙන ආකාරයේ වීඩියෝ පටයක් සහ පරුෂ වචනයෙන් බැන වදින වොයිස් රෙකෝඩ් කීපයක් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය වීමත් සමඟයි.

ඒ අනුව සමාජය තුළ බොහෝ දෙනෙක් ඔහුට විරුද්ධව කතා කරන අතර ඔහු අදාළ සේවකයාට පහර දෙන ආකාරයේ සීසීටීවී දර්ශන පෙළක්ද සමාජ මාධ්‍ය ගිණුම් අතර හුවමාරු වේ.

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන

සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන

මේ අතර එම සිදුවීමට මුහුණ දුන් අදාළ සේවකයා එදා සිදුවූ සියලුම කරුණු පිළිබඳව පාපොච්චාරණයක් සිදු කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ පහත ආකාරයේ කතාවකි.

"මම එයාගෙ ආයතනය අවුරුදු හතරක් වැඩ කළා.එදා මම එයා එද්දි කැප් එක දාගෙන හිටියේ නෑ කියල තමයි මට ගැහුවේ. පළවෙනි පාර කුඩයෙන් දමලා ගැහුවා කුඩේ ඇවිල්ලා පපුවෙක් තමයි වැදුනේ. ඊට පස්සේ තමයි ඔළුවට ගහගෙන ගහගෙන ගියේ.එදා දවසම උදෙන් මම ඒ ආයතනයෙන් එළියට ආවා.මොකද ගුටි කකා වැඩ කරන්න බෑනේ අපිට එතන අපි එතෙන්ට යන්නේ සල්ලි කීයක් හරි හොයාගන්න.එයා etf කපනවා කිව්වට කපලා තිබුණේ නැහැ.ඉතින් කොහොමත් මට ඒක හම්බවෙන එකක් නැතිවෙයි."

යනුවෙන් ඔහු මේ අවස්ථාවේදී අදහස් දක්වා තිබේ.ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් මෙවන විට විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

අයිරංගනී සේරසිංහ කලාකාරිණිය ගැන අසුබ ආරංචියක් - රංගන ශිල්පිනී යශෝදා සියල්ල පැහැදිලි කරයි

අයිරංගනී සේරසිංහ කලාකාරිණිය ගැන අසුබ ආරංචියක් - රංගන ශිල්පිනී යශෝදා සියල්ල පැහැදිලි කරයි

වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත.