කලා ලෝකයම කඳුළින් තෙත් කරමින් ප්රසිද්ධ ගායන ශිල්පී රුක්මන් අසිත සමුගනී
By Aylin Zoya
ජනප්රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා අභාවප්රාප්ත වී තිබේ.
ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අද (29) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියයන විට රුක්මන් අසිත මහතා 48 වැනි වියේ පසුවිය.
ඔහුගේ අභාවය ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයට පිරිමැසිය නොහැකි පාඩුවක් ලෙස සැලකෙන අතර, අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම්දීමට නියමිතය.