හදවත් සංවේදී කරවමින්, මෙරට ප්‍රවීණ රංගන ශිල්පිනියක් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)
අද (26) ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 84 වන වියෙහි පසු වූ අතර ඇගේ අවසාන චිත්‍රපටය වූයේ 2004 වසරේ දී තිරගත වූ “රන් දිය දහර” චිත්‍රපටය යි.
“කැලෑ හඳ” චිත්‍රපටයේ චරිතයක් හරහා සිංහල සිනමාවට පිවිසි ඇය වරද කාගෙද, දුප්පතාගේ දුක, නළඟන, සිගිරි කාශ්‍යප, සූරයන්ගෙත් සූරයා වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිතයන් රඟ දැක් වීය.
මේ වන විය ඇයගේ නිසල දේහය පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව, ගෝල්ඩන් මෙඩෝව්ස් නිවාස සංකීර්ණයේ අංක. 32 / 97 දරණ ස්ථානයේ අද රාත්‍රී 12.00 සිට හෙට (27) සවස 4.00 දක්වා තැන්පත් කරනු ලබන අතර හෙට සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙරට සිනමාවට රංගනයෙන් සුවිශාල දායකත්වයක් සැපයූ ප්‍රේක්ෂක ආදරය නොමදව හිමි වුණ ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ මහත්මියට ගගන අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.