පාසල් පාපන්දු ගැටුමට ඇල්ලූ 5 දෙනාට දැඩි අධිකරණ නියෝගයක්..!
By Sewvandhi
අද (08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාසල් පාපන්දු තරගයක් අතරතුරදී පාසල් සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා අගෝස්තු 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
එහිදී ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා වැඩිදුරටත් නියෝග කළේ එම සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටය.
ඊයේ බොරැල්ල වෙස්ලි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර වැල්ලවත්තේදී පැවති පාපන්දු තරගයක් අවසානයේ මෙම ගැටුම හටගෙන තිබුණි.