අද හවස 5ට ඓතිහාසික මොහොතක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව වැඩ කරන රාමුව පිළිබඳ සකස් කරන ලද වාර්තාව අද සවස 5.00ට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාරදෙන බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේදී අද දිනම ඵය සාකච්ඡාවට ගැනීමට නියමිත බවත් එම වාර්තාව සකස් කළ කමිටුවේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

එමෙන්ම අද සවස මෙම වාර්තාව භාරදීමෙන් අනතුරුව ඒ ගැන කළමනාකරණ කමිටුව මඟින් ඔවුන්ගේ අදහසුත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට යම් පණිවිඩයක් ලබා දෙනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

එමෙන්ම එම වාර්තාවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව වැඩ කිරීම, එක ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීම, එකට තරග කිරීම ඇතුළු කරුණු රැසක් මෙම වාර්තාවට ඇතුළත් කොට ඇති බවත් එය ප්‍රායෝගිකව බිම් මට්ටම දක්වා සිදු කළ යුතු ආකාරය ගැන ද එම වාර්තාවට ඇතුළත් කර ඇත.

හදිසියේම කෙහෙල්බද්දර පද්මේගේ මිලියන ගාණක දේපල පොලිස් භාරයට

හදිසියේම කෙහෙල්බද්දර පද්මේගේ මිලියන ගාණක දේපල පොලිස් භාරයට

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා දේශපාලන කළමනාකරණ කමිටුවේ ඉල්ලීම මත තමා කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර ඊට ඉරාන් වික්‍රමරත්න, ඵස්.ඵම්.මරික්කාර්,මුජිබර් රහුමාන් යන පිරිසද ඇතුලත් වේ.

කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් මෙම වාර්තාව අද සවස 5.00ට විපක්ෂ නායක කාර්යාලයේදී සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට භාරදීමට නියමිතව ඇත.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි ප්‍රහාරයක්