පද්මේ එක්ක පියුමි හංසමාලිගේ සම්බන්දෙ මොකක්ද? තවත් නිළියෝ පැටලෙන ලකුණු
ජනප්‍රිය නිලි පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කිරීම සදහා නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුව ඊයේ (21.10.2025) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.
කෙහෙල්බද්දර පද්මේ පිලිබදව පියුමි හංසමාලිගෙන් පැය තුනකට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් අතර කෙහෙල්බද්දර පද්මේ සමඟ ඇති සම්බන්ධය සම්බන්ධයෙන් තවත් ලාංකික නිළියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට සැලසුම් කර ඇති බව ද පොලිසිය පවසයි.
ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි ඇය මාධ්‍යයට පවසා තිබුණේ තමන් පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි බවයි.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇයගේ දීර්ඝ කාලීන රැඳී සිටීම පිළිබඳව මාධ්‍ය ප්‍රශ්න මතු කර තිබුණි.
එහිදී ඇය ප්‍රතිචාර දක්වමින්, "සියල්ල පැවසීමට අවශ්‍ය නැත , ඉදිරි දිනවලදී මම සියල්ල හෙළි කරමි" යනුවෙන් පවසා ඇත.