බිහිසුණු ඛේදවාචකයක් - රූ රැජිණ තරගකාරියව මිලේච්ඡ විදිහට මරලා කරපු දේ [PHOTOS]
ඉකුත් 2025 ඔක්තෝබර් 4 වන දින සිට අතුරුදන්ව සිටි, ෆිලඩෙල්ෆියා හි පදිංචි 23 හැවිරිදි ඇමරිකානු රූ රැජිණ අපේක්ෂිකාවක් වූ කාඩා ස්කොට් මෙනෙවියගේ දේහයේ කොටස් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඇය මෙසේ අතුරුදන්ව තිබුණේ සිය සේවා ස්ථානය වූ හෙද නිවාසයක රාත්‍රී සේවා මුරයට පිටත්ව යාමෙන් පසුවයි.
ඒ අනුව ෆිලඩෙල්ෆියාවේ අතහැර දැමූ මධ්‍යම පාසලක් පිටුපස නොගැඹුරු වලක වළ දමා තිබියදී දේහය සොයා ගෙන තිබෙනවා.
අනතුරුව සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණ මගින් එය ස්කොට් මෙනෙවියගේ දේහය බවට තහවුරු කරගෙන තිබෙනවා.
එසේම අඳාළ අතුරුදන්වීම සහ මරණය සම්බන්ධයෙන් 21 හැවිරිදි කියොන් කිං නම් තරුණයෙකුට විරුද්ධව චෝදනා ගොනු කර ඇත.
ඔහුට පැහැරගෙන යාම, ගිනි තැබීම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති අතර ස්කොට් මෙනෙවියව අවසන් වරට දැක ඇත්තේ ඔහු සමඟයි.
කෙසේ වෙතත් ස්කොට් මෙනෙවියගේ දේහය සොයා ගැනීමට පෙර කියොන් කිං ට විරුද්ධව පැහැරගෙන යාම, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ලුහුබැඳීම යන චෝදනා ගොනු කර තිබුණු බව වාර්තා වේ.
එසේම දේහය හමුවීමෙන් පසුව ව්‍යසනයක් සිදු වන පරිදි ගිනි තැබීම, කුමන්ත්‍රණය කිරීම, මෝටර් රථයක් අනවසරයෙන් භාවිත කිරීම, සාක්ෂි විනාශ කිරීම, අන් අයගේ ජීවිත අනතුරේ හෙළීම සහ සොරකම් කරන ලද දේපළ භාර ගැනීම යන අමතර චෝදනා ද ඔහුට විරුද්ධව ගොනු කර තිබෙනවා.
එම නව චෝදනා ස්කොට් මෙනෙවිය පැහැර ගැනීමට භාවිතා කළ බවට විශ්වාස කෙරෙන සොරකම් කරන ලද වාහනයක් ගිනි තැබීමේ සිද්ධියක් හා සම්බන්ධ බව බලධාරීන් සඳහන් කරයි.
එසේම මරණයට හේතුව තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබෙන තෙක් පොලිසිය බලා සිටින බව වාර්තා වේ.
එම වාර්තාව මත පදනම්ව කිං ට විරුද්ධව මිනීමැරුම් චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව ද පවසයි.
මේ අතර ඉතා කාරුණික හා ආදරණීය තරුණියක වශයෙන් තම දියණියව සිහිපත් කරන කාඩා ස්කොට්ගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම ශෝකී අවස්ථාවේ තමන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.