හදිසි අසනීප තත්ත්වයක් මත පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වෙයි
ශ්‍රී ලාංකේය සුගම ගීත සාහිත්‍යයට සහ බෞද්ධ ගීත කලාවට අනුපමේය මෙහෙවරක් ඉටු කළ සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ.
අපවත්වන විට උන්වහන්සේ 76 වැනි වියෙහි පසුවූහ. පසුගිය දිනවල හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇත.
'ළා දළු බෝපත්', 'සඳ තරු මල්', 'මේ ඉර හඳ යට', 'පහන් තාරකාවී', 'සංසාරේ අපි' ඇතුළු ශ්‍රාවක හදවත් සැනසූ හරවත් හා භාවපූර්ණ ගීත පදමාලා රැසක් රචනා කරමින් උන්වහන්සේ දැක්වූ නිර්මාණ කෞශල්‍යය සිංහල සුගම ගීතයේ ස්වර්ණමය සලකුණක් ලෙස පවතිනු ඇත.
උන්වහන්සේගේ ආගමික, සාහිත්‍යයික හා කලාත්මක මෙහෙවර වෙනුවෙන් සම්මාන රැසක් ද හිමි විය.