පෑලියගොඩ හදිසි වාහන තදබදයක්..
Sri Lanka
Colombo
Peliyagoda
Vehicle traffic
By Aruna
කොළඹ – නුවර මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
කොළඹ දෙසට ඇති කැලණිය අලුත් පාළමේ එම රථවාහන තදබදය ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා අද (01 වැනිදා) සිට සාමාන්‍ය සහ සුඛෝපභෝගි විශේෂ කාර්යාල ප්‍රවාහන බස් සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ග හතක් කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කරන මෙම සේවාව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ සිට ගාලු පාර හරහා ගාල්ල, හයිලෙවල් පාර හරහා රත්නපුර, අංක 5 පාර හරහා කුරුණෑගල, අංක 6 පාර හරහා කුරුණෑගල, මහනුවර පාර හරහා මහනුවර සහ පුත්තලම පාර හරහා හලාවත දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |