වාහනයක තනියම යාමටත් තහනමක්..හැම ගෙදරකම මේ දේ කරන්න. භයානක තත්ත්වයක්..
මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.
මෙම එක් එක් වාහනයක තනි පුද්ගලයා බැගින් ගමන් කිරීමේදි විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහන වලට වියදම් කිරීමට සිදුවන බවද ඔහු සදහන් කළේය.
මෙරට වසරකට ඉන්ධන ගෙන්වීමට ඩොලර් බිලියන 7 ක මුදලක් වැය කරන බව ද කීය ඔහු එනිසා අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් වාහන භාවිතා කර සියලු දෙනාම අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිතයට හුරුවිය යුතු බවද සදහන් කළේය.
තමාට මසකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ සොයා ගැනීම සඳහා ලෝ වටා රටවල් වලට ණය වෙමින් සිටින බවත් ඔහු සදහන් කළේය.
වාහනය පාරට දැමීමට පෙර දෙවතාවක් කල්පනා කර බලන්න ඇයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාව දැනටමත් භයානක තත්වයකට පැමිණ ඇති බවත් ඉදිරි අනාගතයේ දී මීටත් වඩා දරුණු තැනකට පත් වුණු ඇතැයිද පැවසූ අමාත්‍යවරයා සියලු දෙනා තම නිවසේ පෝච්චියක හෝ කෑමට යමක් සිටුවා ගැනීමට වඩා සුදුසු බවද සදහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |