මෙරට වාහන මිල ගැන හෙළිවූ අරුම පුදුම දේ මෙන්න..

Sri Lanka Business Vehicle
By Aruna Oct 22, 2021 05:05 AM GMT
Aruna

Aruna

Report

ලියාපදිංචි වාහන මිල දෙගුණ තෙගුණ වෙයි මෙරට වාහන අලෙවිය සීග්‍රයෙන් පහළ බැස ඇති බවට වාහන ආනයනකරුවන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වාහන ආනයනය නවතා දැමීමත් සමග ලියාපදිංචි වාහන මිල තව තවත් ඉහළ යමින් පවතින බවයි.

ඊට හේතු වී ඇත්තේ වාහන හිමියන් තමන් සතු වාහන විවිධ වෙබ් අඩවි හරහා අලෙවි කිරීමට පෙළඹීම වේ.

එලෙස අලෙවි කරන ලියාපදිංචි වාහනවල මිල සාධාරණ නොවීම නිසා වාහන සිහිනය තවදුරටත් සිහිනයක්ම කර ගැනීමට ජනතාවට සිදුව ඇති බව වාහන ආනයනකරුවන් සදහන් කරයි.

උදාහරණයක් ලෙස 2016 වර්ෂයේ නිෂ්පාදිත විට්ස් මෝටර් රථයක් මෙරට තුළ මේ දිනවල අලෙවි වන මිල 7,650,000ක් වේ.

2019 වර්ෂයේ නිෂ්පාදිත විට්ස් මෝටර් රථයක් ජපාන වෙබ් අඩවියක සදහන් මිල ඇමෙරිකානු ඩොලර් 10,730ක් වන අතර ශ්‍රී ලංකා රුපියල් වලින් විසිඑක් ලක්ෂ හැත්තෑඅටදහස් එකසිය අනූවක් (රු. 2,178,190/=) වේ.

එම මෝටර් රථය රක්ෂණයක් සහිතව හම්බන්තොට වරායට ප්‍රවාහනය කිරීමට වැය වන මුදල ඇමෙරිකානු මුදලින් ඩොලර් 1,549ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 314,447ක් වේ.

ඒ මෝටර් රථයේ මිල සහ නැව් + රක්ෂන ගාස්තු එකතු කළ විට මුළු මුදල රුපියල් 2,492,637 වේ. ඒ අනුව බලන විට ඉහත සදහන් 2016 වර්ෂයේ නිෂ්පාදිත විට්ස් මෝටර් රථය රුපියල් 5,157,363කින් ඉහළ අගයක් ගනු ලබන බව පැහැදිලි වේ.

මේ අනුව ජපන් වෙබ් අඩවියක සහ ශ්‍රී ලංකා වෙබ් අඩවියක අලෙවි වන මෝටර් රථයක මිල පහතින් දැක්වේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



GalleryGallery