වාහන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ ආරංචියක්..

vehicle srilankan Car sale
By Sithumi Feb 11, 2022 02:09 PM GMT
Sithumi

Sithumi

Report

වාහනයක් මිලදි ගැනීම සැමගේම සිහිනයක්. ඒත් ඊට ප්‍රධාන බාධකය වී ඇත්තේ දැනට පවතින වාහන ආනයන සීමාවන්. මේ බාධකයේ යම්කිසි වෙනසක් සිදු වෙයිද..?

ගෝලීය කොවිඩ් වසංගතයත් සමඟ මතු වූ ඩොලර් අර්බුදය හේතුවෙන් මෝටර් වාහන ආනයනය නතර කෙරුණේ මීට වසර දෙකකට පෙර 2020 වසරේ මාර්තු මාසයේදීයි.

වාහන ආනයනය නතර කිරීමට පෙර සාමානයෙන් මෙරටට වාර්ෂිකව ආනයනය කළ මෝටර් වාහන, යතුරුපැදි හා ත්‍රීරෝද රථවල මුළු එකතුව වසරකට ලක්ෂ 5කට ආසන්නයි. ඒ අනුව 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ මෝටර් වාහන ලක්ෂ 25කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා.

කෙසේ වෙතත් වසර 2කට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම නිසා මේ වන විට වාහන වෙළෙඳපොලේ දැවැන්ත හිඩසක් නිර්මාණය වී තිබෙනවා. මේ වන විට සෑම වාහනයක්ම නොවටිනා මිලකට අලෙවි වන අතර එහි අවසන් ප්‍රථිඵලය වී ඇත්තේ වාහනයක් මිලට ගැනීම තවදුරටත් සිහිනයක් බවට පත්වීමයි.

වාහන ආනයන ක්ෂේත්‍රයේ රැකී රක්ෂා කරමින් යැපෙන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරයකටද මේ වන විටත් රැකියාවන් අහිමි වී ගිහින්. මේ සියලු ගැටලුවලට විසදුමක් ලැබෙන පරිදි වාහන ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් සතුව යම් කිසි ක්‍රමවේදයක් තිබේද..?

මේ වන විට වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරය මාෆියාවක් බවට පත් කරගෙන ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now