වාහන බලපත්‍රය ඔ්නෑමයි - මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක්

parliment vehicles sinhalanews gagananews
By Gagana Nov 27, 2021 09:07 AM GMT
Gagana

Gagana

Report

වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරෙන තීරු බදු රහිත බලපත්‍රය (පර්මිට්) ලබාදීමට කටයුතු කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් යළිත් වතාවක් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පවතින ආර්ථික තත්ත්ව යටතේ මේ සම්බන්ධයෙන් තව වසර කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇතැයි මෙහිදී කතානායකවරයා එම මන්ත්‍රීවරුන්ට කරුණු පෙන්වාදී ඇති බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගිය දිනවල මැතිසබයේදීද ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු අසන්නට ලැබිණ. එසේම මන්ත්‍රීවරුන් පිරිසක් වාහනයක අවශ්‍යතාව සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ටද සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික තත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කළේය.

ඒ ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුවය. මේ තීරණය නිසා දැඩි අසාධාරණයක් සිදු වුයේ තමන්ට බව පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ නවක මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉරිදා ලංකාදීපයට පැවසූහ. තමන් අද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද කුලියට ගත් වාහනවලින් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW