වාහන ආනයනය කිරීමට අලුත්ම ක්‍රමයක් යටතේ අවසර ලබා දෙයි (VIDEO)...
වසරක කාලයක් තුළ මෙරටට ඩොලර් ලක්ෂයක් එවනු ලැබුවහොත් වාහනයක් ආනයනයට අවසර ලබාදීම ඇතුළුව විදෙස්ගත ශ්‍රමිකයන්ට විශේෂ දිරිදීම් ප්‍රදානය කිරීම කෙරෙහි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරනු ලැබීය. සංචාරක කර්මාන්තය මෙන්ම විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රෙෂණද මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයකි. ඒ අනුව මෙරටට ඩොලර් එවීමට විදෙස්ගත ශ්‍රමිකයන් දිරිමත් කිරීම සඳහා රජය මෙලෙස නව වැඩපිළිවෙළක් දියත්කිරීමට සූදානම් ව ඇත
. මේ පිළිබඳව අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර "අද දවස වන විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලි කප්පාදුව, කිරිපිටි නොමැතිකම, බෙහෙත් නැතිකම වගේ අත්‍යවශ්‍ය කාරණාවලට විසදුම් ලබාදීමට අපි එකතුවී සිටිනවා. අපි මේ ගැන මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළාම මේ ගැටලු විසදා ගැනීමට කොතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය දැයි විමසා සිටියා.
එතුමා අපිට සඳහන් කළේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් මාසයකට ඩොලර් මිලියන 500ක් ලැබෙනවා නම් පෝලිම් ටික නැති කරන්න, බෙහෙත් ටික දීලා මිනිස්සු මැරෙන එක නැති කරන්න, විදුලි කප්පාදුව නතර කිරීමට හැකියාව ලැබෙන බවයි" "මේ ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ මුදල් එවීමේදී, එවන ලද මුදල් ප්‍රමාණය මත තීරුබදු සහන ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේදී, අදාල සහන වැඩි කිරීමට අපි අද දිනයේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක මුදලක් ලංකාවට එවලා තියෙනවා නම් වාහනයක් ආනයනය කිරීමේ අවසර පත්‍රයක් ලබාදීමට අපි යෝජනා කරනවා.
ඒ වගේම යම් බදු සහනයක්, ලබාදීමටත් යෝජනා කරනවා. ඒ වගේම අඩු පොලීයට නිවාස ණයක්, ලංකාවට එවූ මුදල්වලට සාපේක්ෂව ලබාදීමට අපි යෝජනා කරනවා. සහන පොලීයට ණය ලබාදීමටත් අපි යෝජනා කරනවා. ඒ වගේම ඩොලර් පනස් දහසක්වත් එවලා තියෙනවා නම් පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරිමේදී ලකුණු ක්‍රමවේදයක් හදන්න කියලා අපි ඉල්ලනවා"
මේ අතර සංචාරක කර්මාන්තය කඩාවැටීම වළක්වාගැනීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට එක් වන ලෙස සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. සංචාරක කර්මාන්තය මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ඉපැයුම් මාර්ගයකි. 2019 පාස්කු ප්‍රහාරයත් සමඟ ඇති වූ තත්ත්වය මෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ උද්ගත වූ තත්ත්වය තුළ මෙරට සංචාරක ඉපැයුම් අඩපණ වුණි. 2018 වසරේ මෙරටට සංචාරකයින් 23,33,796 දෙනකු පැමිණ තිබූ අතර එම වසරේ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4380.6කි
. කෙසේ වෙතත් 2019 වසරේ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3606.9 දක්වාත් , 2020 වසරේ ඩොලර් මිලියන 682.5 දක්වාත් පහත වැටී තිබුණි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට කොවිඩ් තත්ත්වය පාලනය කරගනිමින් නැවතත් මෙරට සංචාරක කාර්මාන්තය යළි හිස එසැවීමට පටන්ගත් අතර මෙම වසරේ මුල් මාස 03 තුළදී පිළිවෙළින් මෙරටට 82,327ක්, 96,507ක් සහ 106,500ක සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබුණි. එහෙත් අප්‍රෙල් මාසයේ නැවතත් සංචාරක පැමිණීම් 60,980 දක්වා පහත වැටී තිබේ.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ සංචාරකයන්ට හිතකර පරිසරයක් මෙරට වහාම ගොඩනැගිය යුතු බවය. මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් වසරින් වසර පදනම මත ගණනය කරනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2022 අප්‍රේල් මාසයේදී 33.8% ක් බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය
ඔහුගේ අද පැවති පැවති මාධ්‍ය සාකච්ඡාව පහතින් නරඹන්න ,