අලුතෙන්ම වාහනයක් ගන්න හීන මැව්ව ඔයාටයි මේ ආරංචිය..

Report

වාහන ආනයන සීමා ලිහිල් කිරිම සම්බන්ධයෙන් වන සැළැස්ම අද (15) ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

අලුතෙන්ම වාහනයක් ගන්න හීන මැව්ව ඔයාටයි මේ ආරංචිය.. | Vehicle Import In Sri Lanka

ඒ අනුව සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ඇගයීම් වාර්තාවට අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය වාහන සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කෙරෙනු ඇති බවයි.

එමෙන්ම, මේ වසරේ සිව්වැනි කාර්තුවේ සිට 2025 වසර දක්වා භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වාහන ආනයනයට අවශ්‍ය පොදු සැලැස්ම නිකුත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)

ලංකා බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)


මේ අතර, මෙරට ක‍්‍රියාත්මක බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන හා මුදල් පැවරීම් සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්‌යෙන්ම ලබා ගත යුතු බවට නව නීතියක් මහ බැංකුව විසින් පනවා තිබෙනවා.

මෙම නීතිය ඉකුත් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

ඇතැම් මූල්‍ය ආයතන හා ඒ හා සමාන සේවා සපයන ආයතන මුදල් පැවරීම් පද්ධතියට බාධා එල්ල විය හැකි අයුරින් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට බාධා වන අයුරින් කටයුතු කරන නිසා එය වැළැක්වීම සඳහා නව නීති ක්‍රියාත්මක බවයි, මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස මහ බැංකුව කටයුතු කරයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පන්ති යෑම අනිවාර්ය වෙයි ද?.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පන්ති යෑම අනිවාර්ය වෙයි ද?.


ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන බොහොමයක් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරි ආයතන මගින් නියාමනය කරනු ලබන නමුත් ඇතැම් ආයතන නියාමනය නොවන හෙයින් මෙම පියවර ගත් බවයි.