වාහන සිහිනය සැබෑ කරන්න මෝටර් රථ 23ක් එයි..ලඟදීම විශාල පෙරළියක්.

Sri Lanka Business Vehicle Jupan vehicles Electric vehicle
By Aruna Nov 30, 2021 06:51 AM GMT
Aruna

Aruna

Report

ජනප්‍රිය මෝටර් රථ සමාගමක් ගත් තීරණය ජපානයේ ජනප්‍රියම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම නව මෝටර් රථ මාදිලි 23ක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

ඉන් මෝටර් රථ 15ක්ම විද්‍යුත් වාහන වේ.

එම සමාගම සදහන් කරන්නේ 2030 වසර වන විට සිය වාහන අලෙවි වලින් අඩක්ම විද්‍යුත් හෝ දෙමුහුන් වාහන බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

විද්‍යුත් වාහන සඳහා ලෝකයේ වැඩි අවධානයක් යොමුවීමත් සමග ඉදිරි පස් වසර තුළදී යෙන් ට්‍රිලියන 2ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 17.5ක්) ආයෝජනය කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.

පසුගිය වසර වන විට Nissan සමාගම සිදුකළ සම්පූර්ණ අලෙවි අතරින් විද්‍යුත් හෝ දෙමුහුන් වාහන වල අලෙවි ප්‍රතිශතය වූයේ 10%ක් පමණි.

ඒ අනුව 2050 වන විට එහි නිෂ්පාදනවල ජීවන චක්‍රය හරහා කාබන් ශූනතාවය දක්වා යා හැකි වනු ඇති බව නිසාන් සමග සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now