අහස උසට ගිය එළවළු මිල.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jun 23, 2023 11:44 PM GMT
krishani

krishani

Report

මේ දිනවල වෙළෙඳපොළේ එළවළු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් ය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සටහන් වූයේ, කැරට් කිලෝවක් රුපියල් 300ත් 310ත් අතර මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල්200ත් 280ත් අතර මිලකටත් ය.

එමෙන්ම අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර අගයකටත් වම්බටු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර මිලකටත් අලෙවි වීය.