එළවළු මිල ගණන්වල සිදු වූ වෙනස.
Sri Lanka Food Crisis
By krishani
එළවළු මිල පහළ යාමෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
කැප්පෙටිපොල සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි තොග මිල රුපියල් 200 ක් වැනි අඩු මට්ටමක පැවති අතර මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 330 ත් 360 ත් විය.
කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 150 කට අඩු තොග මිලක් සටහන් වූ අතර වට්ටක්කා කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 70 ට වඩා අඩු විය.
ආනයනික අර්තාපල් මිල ද රුපියල් 160 කට අඩු අගයක් වූ අතර මැනිං වෙළඳපොලේ දේශීය අර්තාපල් රුපියල් 200 ත් 240 ත් අතර විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |