එළවළු මිල හදිසියේම අහස උසට නගී..දැනට යන නව මිල මෙන්න.

Report

පවත්නා වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මධ්‍යම පළාතේ එළවළු වල මිල ගනන් සීඝ්‍ර ලෙස ඉහළ යනු ඇති බව ගොවි සංවිධාන රැසක් ප්‍රකාශ කර සිටිනවා.

එම සංවිධාන සඳහන් කරන්නේ, වර්ෂා තත්ත්වය හමුවේ අස්වනු නෙලීමේ අපහසුව, කෘෂි රසායන යෙදීමේ ගැටළු මෙන්ම වෙළෙඳපොළ වෙත ප්‍රවාහන ගැටළු ආදී කරුණු රැසක් හේතුවෙන් මෙම තත්ත්වය උදාවන බවයි.

මේ අතර, ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩ භුමි රැසක වගාකළ බෝග රැසක් විනාශ වී ඇති බව ද ගොවීන් ප්‍රකාශ කර සිටියි.

හෙට ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කරයි?..කලකට පසු 200 ගානට බසී?..

හෙට ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කරයි?..කලකට පසු 200 ගානට බසී?..


ඔවුන් සඳහන් කරන්නේ, වාර්ෂික ගොඩ බෝග ලෙස වගාකර ඇති තක්කාලි, බෝංචි, වම්බටු, මෑකරල්, අමු මිරිස් වැනි බෝගවලට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී ඇති අතර, මේ වනවිටත් බෝහෝ ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් බෝග වල අස්වනු නෙලීම ගැටළුකාරී තත්ත්වයට පත්ව ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ දෛනිකව වැඩිම එළවළු තොග සපයන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඹන ගොවි සංවිධානය කියා සිටියේ, වර්ෂාව හේතුවෙන් සිය නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ගියද ඒවා මිලදී ගැනීම සදහා ව්‍යාපාරිකයින් නොපැමිණෙන බවය.

වැසි තත්ත්වය හේතුවෙන් වගා කටයුවලට සිදුවී ඇති බලපෑම් නිසා ඉදිරියේදී එළවළු වල සීඝ්‍ර මිල වැඩිවීමක් මේ අනුව සිදුවන බවයි අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් පවසයි.

නව රජය විසින් විශ්‍රාම වැටුප් කපා දමන්න යයි..කැපෙන පිරිස ගැනත් කියයි..වාහන සම්බන්ධයෙනුත් ගන්න යන තීරණය මෙන්න.

නව රජය විසින් විශ්‍රාම වැටුප් කපා දමන්න යයි..කැපෙන පිරිස ගැනත් කියයි..වාහන සම්බන්ධයෙනුත් ගන්න යන තීරණය මෙන්න.


අමු මිරිස් කිලෝවක් රු 800, තක්කාලි රු 400, මාළු මිරිස් රු 650, බෝංචි 400 යන මිල ගණන් යටතේ මේ දිනයන්හි අලෙවි කරන බවත්, ඉදිරි දිනයන්වලදි එළවළු මිල තවත් ඉහල යන බව ද වෙළඳුන් සඳහන් කරයි.