නව රජය විසින් විශ්‍රාම වැටුප් කපා දමන්න යයි..කැපෙන පිරිස ගැනත් කියයි..වාහන සම්බන්ධයෙනුත් ගන්න යන තීරණය මෙන්න.

Report

නව රජය බලයට පැමිණීමත් සමග විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදීම අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අනුව, මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.

විවාහ වන හැමෝටම සතුටුදායක ආරංචියක්..ලක්ෂ ගානක වටිනා දෙයක් නොමිලේ ලැබෙයි..හැබැයි මේ වයස් වල තරුණ තරුණියන්ට පමණයි.

විවාහ වන හැමෝටම සතුටුදායක ආරංචියක්..ලක්ෂ ගානක වටිනා දෙයක් නොමිලේ ලැබෙයි..හැබැයි මේ වයස් වල තරුණ තරුණියන්ට පමණයි.


එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බවයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා.

එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇතැයි දැනගන්නට ලැබේ.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවැසුවේ රජයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බවය.

හෙට ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කරයි?..කලකට පසු 200 ගානට බසී?..

හෙට ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කරයි?..කලකට පසු 200 ගානට බසී?..


එතෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව ද ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරුන් සඳහා පසුගියදා පැවැති වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණ ද එය සිදුව නැතැයි වාර්තා වනවා.

You May Like This Video