දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ 2026 වසරේ ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බවයි.

එමෙන්ම බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් හෝ සිදු කරන ලබන ගෙවීමක් නියමිත දිනය පසුවී ලැබීම ද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකන අතර ජූලි මාසය සඳහා වන වැට් වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතුය.

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

එම වාර්තා මාර්ගගත ක්‍රමය මගින් භාරදිය යුතු අතර රඳවාගත් බදු අගෝස්තු මස 15 වෙනිදාට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අගෝස්තු 20 වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතු බවට එම දෙපාර්තමේන්තුව සිහිපත් කරයි. 

සැප්තැම්බර් 1සිට අලුත් නීතියක් - බලපත්‍ර එකම තැනකින් ලබාදීමේ ක්‍රමවේදයක්

සැප්තැම්බර් 1සිට අලුත් නීතියක් - බලපත්‍ර එකම තැනකින් ලබාදීමේ ක්‍රමවේදයක්

Gallery