ට්‍රම්ප් එක්ක කතා කරලා බදු ගැන කොළ එළියක් ගන්න පුළුවන්, ප්‍රසිද්ධියේ ඇවිත් රහස් කියන වසන්ත
අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ලෝකය පුරා ඇති රටවල් 17ක් ඇමරිකානු බදු සම්බන්ධයෙන් එරට සමග සාකච්ඡා කර තිබෙන බව ප්‍රකාශ කරයි.
එසේම ඉන් සමහර රටවල් සමග ඇමරිකාව යම් යම් එකඟතාවලට පැමිණ ඇති බව ද ඔහු දන්වා සිටියි.
ඒ අනුව ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව ද ඇමරිකානු බලධාරීන් සමග මෙම නව බදු සම්බන්ධයෙන් සාකච්ඡා වට 8ක් පවත්වා ඇති බවයි.
එනිසා යම් යහපත් ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා දක්වා ඇත.
කෙසේ වෙතත් ඔහු මෙහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් පවසා ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාවට ද කොළ එළියක් ලැබී ඇති බවයි.
එහෙත් එය සාකච්ඡා අවසන් වන තුරු හෙළි කළ නොහැකි බව කියූ ඔහු අවසාන එකඟතා දෙරටින් එළිදැක්වීමට කටයුතු කරන බව ද පවසා තිබෙනවා.