තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් මේ වන විට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව දැදුරු ඔය ජලාශය පහළ කොටසේ පදිංචි ජනතාවට විශේෂ අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක්ද විවෘත කර ඇති අතර, ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.