අද 11.37 සිදු වන විශේෂ දේ මෙන්න.. ලංකාවේ තරුණ තරුණියන් මේ ගැන විමසිල්ලෙන් ඉන්න..

Valentine's day Sri Lanka
By Aruna Feb 14, 2024 03:49 AM GMT
Aruna

Aruna

Report

අද උදේ 11.37ට කුජ ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේ‍යාතිෂවේදීන් පවසනවා.

කුජට අනංගයා යැයි පටබැඳි නාමයක්ද වන අතර ජේ‍යාතිෂවේදීන් පවසන්නේ මෙය අනංගයා මකරයේ රජවන අවස්ථාවක් බවයි.

ශ්‍රී ලංකාවේ යෞවන වියේ පසුවන පෙම්වතුන්ද අද මෙම දිනයේ වැලන්ටයින් උන්මාදයෙන් පෙළෙන අතර මෙදා වැලන්ටයින් දිනයේ අනංගයා හෙවත් කුජ රජ වී, දිග්බල වී 22 වැනි දෙර්කාණාධිපතියාද වී රුදුරු වෙස් ගෙන හැසිරෙමින් ප්ලූටෝ නම් ග්‍රහයාද පරාජය කොට සිංහ ලීලාවෙන් සිටින බව ඔහුන් පෙන්වා දෙනවා.

මෙම ග්‍රහ තත්ත්වය දෙස බැලීමේදී ප්‍රේමවන්තයන්ගේ දිනය ලෙස සැලකෙන වැලන්ටයින් දිනය සැමරීමට උන්මාදයෙන් සැරසෙන යෞවන යෞවනියන්ට පරෙස්සම වැදගත් බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

යෞවන යෞවනියන් පමණක් නොව ඔවුන්ගේ මවුපියන්, ගුරුවරුන් ආදී වැඩිහිටියන් සියලුදෙනාම වැලන්ටයින් දිනය සහ ඒ ආශ්‍රිත දිනයන්හි දුවා දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් බව ජේ‍යාතිෂවේදීන් පවසනවා.

ReeCha