යෝෂිත රාජපක්ෂගේ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් - මෙන්න විස්තරේ

Report

කොළඹ මහාධිකරණය විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට නියම කර ඇත.

විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර

එමෙන්ම අද කොළඹ මහාධිකරණය හමුවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.