එන්නත් මාත්‍රා දෙකම ගත් අයගේ ප්‍රතිශක්තිය ගැන අනාවරණයක්

sri lanka helth Vaccsine
By Sithumi Nov 14, 2021 02:16 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් මර්දනය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්ති මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය, මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත තත්ත්වයක් පවතින බැවින් ජනතාව සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වාදෙයි. 

 “කොවිඩ් -19 රෝගයට එරෙහිව අපි දීපු මාත්‍රා දෙක සම්පූර්ණ කරලා දැන් බෝහෝ ප්‍රදේශවල මාස 6ක් සම්පූර්ණ වේගන තමයි එන්නේ. එතකොට ලෝකය කරපු පරීක්ෂණවලින් පෙනෙන දෙයක් තමයි මාස 6ක් පමණ ගියාට පස්සේ මාත්‍රා දෙකම ගත්තට පස්සේ යම් විදිහකට එහි ප්‍රතිශක්තියේ අඩුවීමක් ක්‍රමාණුකූලව සිදුවෙනවා. 

ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත තුන්වෙනි මාත්‍රාවක් හැටියට ලබා දෙන්න. එතකොට ඒ කටයුත්ත අපි ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී ඒක වේගවත් වෙනවා. ඒත් එක්ක අපි දන්නවා. 

නොවැම්බර් දෙවන සතියේ සිට දෙසැම්බර් අග වෙනතුරු සාමාන්‍යයෙන් අපේ රටේ වැසි සීමාව බලපානවා. සෙම් සහති රෝග කොහොමටත් වැඩි වෙන කාලසීමාවක්. එතකොට කොයි පැත්තෙන් බැලුවත් ඉදිරි සති පහ හයක කාලය තුළ රටක් ලෙස අපි පරිස්සම් වෙන්න ඕනේ