එන්නත් තුනක ඵලදායිතාව හීන වෙයි: ''ඊලග මාසයේ භයානක තත්ත්වයක්''

By Sithumi Nov 06, 2021 02:07 PM GMT
Sithumi

Sithumi

Report

අමෙරිකා එක්සත ජනපදයේ භාවිත වන කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග තුනක බලය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මෙලස ප්‍රතිශක්තිකරණ හැකියාව පහත වැටී ඇත්තේ, Modern, Pfizer සහ Johnson & Johnson යන එන්නත් වර්ග ත්‍රිත්වයේ ය. අධ්‍යයන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල පිරිසක් අතර එන්නත් කාර්යක්ෂමතාව 35% සහ 85% අතර පහත වැටී ඇති බව ය.

එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 800,000කට ආසන්න සංඛ්‍යාවකගේ වාර්තා පිරික්සූ පර්යේෂකයන් සොයා ගෙන ඇත්තේ මාර්තු මස මුලදී, ඩෙල්ටා ප්‍රභේදය අමෙරිකානු ප්‍රජාවන් හරහා පැතිර ගිය සේ ම, ඒ හා සමානව මෙම එන්නත් ත්‍රිත්වයට ආසාදන වැළැක්වීමේ හැකියාව ද තිබී ඇති බව ය. නමුත් ඊළඟ මාස 6 තුළ එය කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇත.

ඔවුන් සිදු කළ අධ්‍යයනවලට අනුව, Moderna එන්නතේ මාත්‍රා දෙකක ඵලදායිතාව 89% සිට 58% දක්වා ද Pfizer එන්නතේ මාත්‍රා දෙකක ඵලදායිතාව 87% සිට 45% දක්වා ද Johnson & Johnson එනනතේ පළමු මාත්‍රාවේ පමණක් ඵලදායිතාව 86% සිට 13% දක්වා එම මාස 6 ක කාලය තුළ පහත වැටී ඇති බව ය. 

ඕක්ලන්ඩ්හි මහජන සෞඛ්‍ය ආයතනය, සැන් ෆ්‍රැන්සිස්කෝ පුරවැසියන්හි පිළිබඳ වෛද්‍ය මධ්‍යස්ථානය සහ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදු කර තිබේ. මේ අතර අද (නොවැ. 6) අනුරාධපුරයේ පැවති හමුවකදී ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම අධ්‍යයනය පිළිබඳව සඳහන් කළ අතර ඔහු ප්‍රකාශ කළේ, මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් තුන්වන මාත්‍රාවක් ලබා දීමත් එම පර්යේෂණ කණ්ඩායම යෝජනා කර ඇති බව ය.

"අපත් ෆයිසර් සහ මොඩර්නා එන්නත් සෑහෙන ප්‍රමාණයක් අපේ රටේ දුන්නා. රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා.

මේ පර්යේෂකයින් යෝජනා කරන දේ තමයි තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සහ මුහුණු ආවරණ පැළඳීම බරපතළ ලෙස ආයාචනය කරනවා මුහුණු ආවරණ පළඳින්න එකිනෙකා අතර පරතරය තියාගන්න, පරිස්සම් වෙන්න. මේ දෙසැම්බරයේ එන පොට හොඳ නෑ කියලයි මේ පර්යේෂණ දත්තවලින් පෙන්නුම් කරන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha