විශේෂ පිරිසකට එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරේ..සියලු විස්තර මෙන්න.

By Sewvandhi Dec 16, 2021 03:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ මැයි මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

සිරිපා වන්දනාව සඳහා මෙවර විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ද සෞඛ්‍ය අංශ විසින් ගෙන තිබේ.

ඉහත සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය අනුව සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාපිටපතක් ළඟ තබා ගත යුතුය.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුඛ ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදීම ද ගැසට් පත්‍රයේ සඳහන් වේ. එමෙන්ම ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතුය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

Gallery