හිස් ඉඩම් රජයට පවරා ගැනේ.

Mahinda Amaraweera Government Of Sri Lanka Ministry of Agriculture
By Wayomi Dec 17, 2022 10:25 AM GMT
Wayomi

Wayomi

Report

පුරන් කුඹුරු සියල්ල වසර 5ක් යන තෙක් රජයට පවරා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, අනුව එම ඉඩම් වසර 5ක් යන තෙක් රජයට පවරාගෙන ඒවා වගා කිරීමට ඉඩම් නොමැති තරුණ ප්‍රජාවට වසර 5කට පවරා දිය හැකි පරිදි ගොවිජන පනත කඩිනමින් සංශෝධනය කරන කෙරෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

එලෙස රජය විසින් රටේ සෑම වගා නොකළ ඉඩමක්ම වගා කිරීමට තීරණය කර ඇති අතර වසර 5කට පසු එම ඉඩම් අයිතිකරුවන්ට අදාළ ඉඩම් වගා කළ පිරිස් සමඟ එකඟතාවයක් යටතේ අවශ්‍යනම් වගා කිරීමට හැකියි.

එමෙන්ම ඉඩම් අයිතියට බිම් කුලිය වශයෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දැනට රට තුළ වගා කළ හැකි කුඹුරු ලක්ෂයක් පමණ පුරන් වීමට ඉඩ හැර ඇති අතර එම කුඹුරු වලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ පිහිටා ඇති බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW